ව්‍යාපෘතියේ නම

කොළඹ අගනගර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය

කොළඹ අගනගර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රධාන අරමුණු දෙකක් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක විය.

  • කොළඹ ජල ද්‍රෝණියේ ජල පෝෂක ප්‍රදේශවල ගංවතුර අවම කිරීම
  • තෝරාගත් ආදර්ශන ආයෝජන හරහා යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය හා නඩත්තු කිරීම සහ සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා කොළඹ මහනගර සභාවට අයත් පළාත් පාලන ආයතනවල හැකියාවන් ශක්තිමත් කිරීම.

මෙම ව්‍යාපෘතිය මඟින් කොළඹ මහනගර සභාව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව, දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ කොළොන්නාව නගර සභාව යන බල ප්‍රදේශ 4ක් ආවරණය කරමින්  ව්‍යාපෘතියේ සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා උප ව්‍යාපෘති 55 ක් ක්‍රියාත්මක කර ඇත. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුම් ගත ලෝක බැංකු ණය මුදල ඇ.ඩො. මිලියන 213ක් වන අතර දේශීය අරමුදල් දායකත්වය ඇ.ඩො. මිලියන 108ක් විය.

ලෝක බැංකු  ණය මුදලින් ඇ.ඩො. මිලියන 199.059ක් වැය කරමින් සහ දේශීය අරමුදලින් ඇ.ඩො. මිලියන 55.17ක් වැය කරමින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහනගර සභාව යන ආයතන වල සහය ඇතිව මෙම උප ව්‍යාපෘති 54ක් සම්පූර්ණ කර ඇති අතර එක් ව්‍යාපෘතියක් අර්ධ වශයෙන් නිම කර ඇත. ව්‍යාපෘතිය යටතේ අවසන් කළ ව්‍යාපෘතීන් අතරට වැසිජල පොම්පාගාර 3 ක්, වැසි ජලාපවහන උමං මාර්ග 2 ක්, ඇළ මාර්ග සහ ඇළ හැරවුම් යෝජනා ක්‍රම වැඩිදියුණු කිරීම, ගංවතුර දොරටු සහ ජලාපවහන දොරටු, තෙත්බිම් උද්‍යාන සහ රේඛීය උද්‍යාන සංවර්ධනය කිරීම ඇතුළත් වේ. ගංවතුර හා ජලාපවහන කළමනාකරණය යටතේ ඒකාබද්ධ ගංවතුර කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම ද යටිතල පහසුකම් සංවර්ධනය යටතේ උද්‍යාන වැඩිදියුණු කිරීම, මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සහ පදිකයන්ගේ පහසුකම් ප්‍රවර්ධනය හා පොදු පහසුව සඳහා අනෙකුත් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළත් වේ.

මෙම ව්‍යාපෘතිය මඟින් නිම කිරීමට නොහැකි වු නොරිස් ඇළ උප ව්‍යාපෘතිය සඳහාද ඒකාබද්ධ ගංවතුර කළමනාකරණ පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහාද ඉතිරි ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සඳහා වන්දි මුදල් ලබා දීම සඳහාද 2023/ 2024 වසර සඳහා දේශීය අරමුදල් වෙන්කෙරිණි.

 ව්‍යාපෘති ආරම්භක දිනය 2012 ජූලි
 ව්‍යාපෘති අවසාන දිනය 2021 දෙසැම්බර්
 ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්ව ආයතනය ලෝක බැංකුව / ශ්‍රීලංකා රජය
 ව්‍යාපෘති වෙබ් ලිපිනය

 https://mcudp.lk

 ව්‍යාපෘති අධ්‍යක්ෂ 
 නම ඒ. එච්. තුෂාරි මිය
දුරකථන අංකය

කාර්යාල:  0112058154                     ජංගම: 0718697432  

ෆැක්ස් අංකය

0112058153

රාජකාරි විද්‍යුත් ලිපිනය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සම්බන්ධීකරණ නිලධාරියාගේ නම

ඩබ්.පී. අමාලි පතිරණ මිය   දුරකථන අංකය:0112058154