ව්‍යාපෘතියේ නම

කොළඔ නාගරික පුනර්ජනන ව්‍යාපෘතිය සදහා සහාය ව්‍යාපෘතිය

2010 දී කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව අඩු පහසුකම් සහිතව ජීවත් වන පවුල් 50,000ක් පදිංචි කිරීම සඳහා නාගරික පුනර්ජනන වැඩසටහන (URP) දියත් කරන ලදී. ඉහත නිවාස වැඩසටහන කඩිනම් කිරීම සඳහා 2025 වන විට තවත් නිවාස ඒකක 5,500ක් ඉදිකිරීමට අපේක්ෂා කෙරේ. (දැනට ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට අනුව ඒකක 3600ක් යෝජිතයි) ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ(AIIB)  අරමුදල් පහසුකම් යටතේ, කොළඹ නාගරික පුනර්ජනන ව්‍යාපෘතිය සඳහා සහාය ව්‍යාපෘතිය 2019 අප්‍රේල් මස සිට ස්ථාපිත කරන ලදී. ව්‍යපෘතියේ අරමුණ වනුයේ කොළඹ නාගරික පුනර්ජනන ව්‍යාපෘතියට සහය වීම, තාක්ෂණික සැලසුම් වැඩිදියුණු කිරීම්, නැවත පදිංචි කිරීම් සහ පශ්චාත් නැවත පදිංචි කිරීම් ප්‍රතිපත්ති, නිවාස නඩත්තු කටයුතු, ප්‍රතිසංවර්ධන ප්‍රවේශයේ නවෝත්පාදනය සහ නිවාස වල දිගුකාලීන තිරසරභාවය සැකසීම සඳහා මහජන මැදිහත්වීම් සිදු කිරීමය. ව්‍යාපෘතිය සංරචක තුනකින් සමන්විත වේ.

සංරචකය 1: නිවාස ඉදිකිරීම.

බහු මහල් නිවාස ගොඩනැගිලිවල අඩු පහසුකම් සහිත ප්‍රජාවන් සඳහා උප ව්‍යාපෘති 5ක් යටතේ අඩු පහසුකම් ජනාවාස හිමියන්ට නිවාස ඒකක 5,500ක් (දැනට ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට අනුව ඒකක 3600ක් යෝජනා කර ඇත) ඉදිකිරීමට සහාය වීම.

සංරචක 2: ඉඩම් නැවත සංවර්ධනය කිරීම.

නාගරික පුනර්ජනන වැඩසටහන යටතේ ඉදිකරන ලද නව මහල් නිවාස ඒකක වෙත අඩු පහසුකම් සහිත ප්‍රජාව පදිංචි කළ පසු නිදහස් වන ඉඩමෙන් ලැබෙන ආදායම උපරිම කෙරේ.

සංරචක 3: තාක්ෂණික සහාය සහ ව්‍යාපෘති කළමනාකරණය.

නාගරික පුනර්ජනන වැඩසටහන ක්‍රියාත්මක කිරිමේ කාර්ය වැඩිදියුණු කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකරණය සහ අනෙකුත් ක්‍රියාමාර්ග සඳහා සහාය ලබා දීම.

 ව්‍යාපෘති ආරම්භක දිනය 2019 ජූලි
 ව්‍යාපෘති අවසාන දිනය 2025 ජූනි
 ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්ව ආයතනය

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව/

ශ්‍රීලංකා රජය

 ව්‍යාපෘති වෙබ් ලිපිනය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 ව්‍යාපෘති අධ්‍යක්ෂ 
 නම ආනන්ද සමරසිංහ මහතා
දුරකථන අංකය

 කාර්යාල: 0112872261         ජංගම:  0777302841   

ෆැක්ස් අංකය

011-2872260

රාජකාරි විද්‍යුත් ලිපිනය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සම්බන්ධීකරණ නිලධාරියාගේ නම

උද්‍යානි ජයවර්ධන මිය                     දුරකථන අංකය: 0776822334