ව්‍යාපෘතියේ නම

තිරසාර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහාය ඇතිව තිරසාර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය සඳහා පහසුකම් සැපයීම නැවත ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාවේ ක්‍රමෝපායික නගර හතරක් සංවර්ධනය කිරීමට ආරම්භ කල මෙම ව්‍යාපෘතිය, පසුව ත්‍රිකුණාමලය සහ දඹුල්ල යන උපාය මාර්ගික නගර දෙකක සංචාරක ප්‍රවර්ධනය අරමුණු කරගත් ප්‍රමුඛ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පමණක් සංශෝධනය කර ඇත. අරමුදල් සැපයීමේ ක්‍රමය සංශෝධනය කරන ලද අතර, ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක අරමුදල් සඳහා සංචාරක කෂේත්‍රයේ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම අරමුදලේ ණය ආකාර දෙකකි. (i) එක්සත් ජනපද ඩොලර් මිලියන 70 ක ප්‍රතිපත්ති පාදක ණය (සංචාරක අමාත්‍යාංශය එකඟ වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මත පදනම්ව අරමුදල් සපයනු ලැබේ. මෙම සංරචකය සංචාරක අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ඇත); සහ (ii) ත්‍රිකුණාමලයේ සහ දඹුල්ලෙහි සංචාරක විභවය ඉහල නැංවීම සඳහා යෝජිත උප ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ආයෝජන සංරචකයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 30ක ණය එම ආකාර දෙක වේ. නාගරික ව්‍යාපෘති සකස් කිරීමට පහසුකම් සැපයීමේ ණයෙහි ශේෂය (ඇමරිකානු ඩොලර් මිලියන 5 ක ශේෂය - ණය 3706 SRI ) ආයෝජන සංරචකය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත උප ව්‍යාපෘතිවල සැලසුම් සහ ප්‍රසම්පාදන ලේඛන සකස් කිරීමට භාවිතා කරනු ඇත. නාගරික ව්‍යාපෘති සකස් කිරීමට පහසුකම් සැපයීමේ ණය කාලය ආසියානු සංවර්ධන බැංකුව විසින් 2024 මාර්තු දක්වා දීර්ඝ කර ඇත.

 ව්‍යාපෘති ආරම්භක දිනය 2019 ජනවාරි
 ව්‍යාපෘති අවසාන දිනය 2024 මාර්තු
 ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්ව ආයතනය

ආසියානු සංවර්ධන බැංකුව

 ව්‍යාපෘති වෙබ් ලිපිනය

 

 ව්‍යාපෘති අධ්‍යක්ෂ 
 නම එම්.එච්.එම්. සමීල් මහතා
දුරකථන අංකය

ජංගම:       0777412590  

ෆැක්ස් අංකය

 

රාජකාරි විද්‍යුත් ලිපිනය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සම්බන්ධීකරණ නිලධාරියාගේ නම

ඉංජි. එස්. එන් ජයසිංහ මහතා දුරකථන අංකය: 0714950066

විද්‍යුත් ලිපිනය           : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.