ව්‍යාපෘතියේ නම

කොළඹ අගනගර ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමණාකරණ ව්‍යාපෘතිය

  කොළඹ අග නගර ආශ්‍රිත පළාත්පාලන ආයතන වලින් එකතු කරන නාගරික කසළ බැහැරලීමේ ගැටළුවට මුහුණ දීම සඳහා විශාල ප්‍රමාණයේ සනීපාරක්ෂක කසළ රඳවන පහසුකමක් ඉදි කිරීම බෙහෙවින් අවශ්‍ය වී ඇත. ඒ අනුව,  පුත්තලමේ අරුවක්කාලු ප්‍රදේශයේ තිබු හුණුගල් කඩා ඉවත් කර අත්හැර දමන ලද වලවල් ආශ්‍රිතව සනීපාරක්ෂක කසළ රඳවනයක් සහ අපදියර ප්‍රතිකර්ම පද්ධතියක් ඇතුළු අනෙකුත් පහසුකම් ඉදිකිරීමේ කාර්යය ශ්‍රි ලංකා රජය විසින් මෙම අමාත්‍යාංශය වෙත පවරන ලදි. කැළණිය හා පුත්තලමේ පිහිටි කසළ හුවමාරු මධ්‍යස්ථාන දෙකකින් සහ ඊට අදාළ දුම්රිය යටිතල පහසුකම් සම්බන්ධතා මාර්ග වලින් මෙම ඉදිකිරීම් කටයුතු සමන්විත වේ. ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 130 කි.

ආරම්භයේ දී ව්‍යාපෘතිය සැලසුම් කරන ලද්දේ කොළඹ අගනගරය ආශ්‍රිතව ජනනය වන මිශ්‍ර කසළ දෛනිකව මෙට්‍රික් ටොන් 1200ක් කැළණියේ පිහිටි කසළ හුවමරු මධ්‍යස්ථානය වෙත රැගෙන විත් එහිදි සම්පිඩනලට ලක් කර බහාලුම් පෙට්ටි වල අසුරා දුම්රිය මඟින් ප්‍රවාහනය කර අරුවක්කාලු වල දී සනීපාරක්ෂක ලෙස බැහැර කිරීමටය. කෙසේවෙතත් වර්තමානය වන විට බස්නාහිර පළාතේ පළාත් පාලන අයතන මඟින් බැහැර කරන අවශේෂ කසළ සියල්ල සනීපාරක්ෂක ලෙස බැහැර කිරිමට හැකි වන පරිදි මෙම පහසුකම ඉදි වෙමින් පවති.

රජයේ  ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරිමෙන් පසු අරුවක්කාලු සනිපාරක්ෂක කසළ රඳවන පහසුකමේ  සැලසුම්, සැපයුම් සහ ස්ථාපන / ඉදිකිරීම් ‍කොන්ත්‍රාත්තුව අඩුම ඇගයීම, සැලකිය යුතු ප්‍රතිචාර දක්වන ලද සුදුසුකම් ලත් ලංසුකරු වන චයිනා හාබර් ඉංජිනියරිං කම්පැනි ලිමිටඩ් (China Harbor Engineering Company Limited - CHEC)  සහ සවුත්වෙස්ට් මියුනිසිපල් ඉංජිනියරිං ඇන්ඩ් රිසර්ච් ඉන්ටිටියුට් ඔප් චයිනා (Southwest Municipal Engineering and Research Institute of China - SMEDRIC) යන සමාගම් වලින් සැදුම් ලත් සුසංයෝගයකට මුළු මුදල ඇ.ඩො.90,482,259.16  සහ රුපියල් 1,622,936,211.10 (වැට් බදු රහිතව) කට 2017 දෙසැම්බර් 29 වන දින ලබා දෙන ලදි. මේ වන විට ව්‍යාපෘතිය 90% ක භෞතික ප්‍රගතියක් ලබා ගෙන ඇත.

කැළණිය කසළ හුවමාරු මධ්‍යස්ථානයේ සිට අරුවක්කාලු කසළ හුවමාරු මධ්‍යස්ථානය දක්වා දුම්රිය මඟින් කසළ ප්‍රවාහනය සඳහා අවශ්‍ය කරන දුම්රිය එන්ජින් 04ක් මේ වන විට ආනයනය කර ඇති අතර ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු  ආරම්භ කරන තෙක් එම දුම්රිය එන්ජින් මගී ප්‍රවාහනය සඳහා ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත.මෙයට අමතරව කසළ බහාලීම සඳහා අවශ්‍ය කරන දුම්රිය බහාලුම් පෙට්ටි 94ක් ආනයනය කර ඇති අතර අවශ්‍ය කරන දුම්රිය ගැල් 17ක් නවීකරණය සඳහා අවශ්‍ය කරන මුදල් රුපියල් මිලියන 549.6ක් ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය වෙමින් පවති.

ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු සිදු කරනුයේ අපද්‍රව්‍ය වලින් උපරිම සම්පත් ප්‍රතිසාධනයක් (Minimum Resource Recovery) ලබා ගෙන රජයට උපරිම ප්‍රතිලාභයක් ලැබෙන පරිදිය.

ඒ අනුව එහි මෙහෙයුම් කටයුතු රජයට උපරිම ප්‍රතිලාභයක් ලැබෙන පරිදි සිදු කිරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය මඟින් සිදු කිරීම සඳහා වු අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ වන විට ලැබි ඇත. එම අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව අභිලාෂ කැඳවීමක් මඟින් ඒ සඳහා ධාරිතාවයක් හා තාක්ෂණික

හැකියාවක් ඇති සුදුසු පෞද්ගලික ආයතනයක් ජාත්‍යන්තර ලංසු කැඳවීමක් මඟින් තෝරා ගැනිමට අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය වෙමින් පවති.

මෙයට අමතරව තෝරා ගනු ලබන පෞද්ගලික ආයතනය එම ක්‍රියාකාරකම් නිසි පරිදි සිදු වන්නේ දැයි අධීක්ෂණය කිරීම සඳහා සහ රජයට ලැබිය යුතු ආදායම නිසි පරිදි ලබා ගැනීම සඳහා මෙම අමාත්‍යාංශය යටතේ වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවති.

 ව්‍යාපෘති ආරම්භක දිනය 2017 ජනවාරි 01
 ව්‍යාපෘති අවසාන දිනය 2023 දෙසැම්බර් 31
 ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්ව ආයතනය

මහා භාණ්ඩාගාරය

 ව්‍යාපෘති වෙබ් ලිපිනය

 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 ව්‍යාපෘති අධ්‍යක්ෂ 
 නම ඉංජී. ආර්.එම්.ජී.එස්.බණ්ඩාර
දුරකථන අංකය

කාර්යාලය- 0112-879292

ජංගම - 071-8714441

ෆැක්ස් අංකය

0112-879295

රාජකාරි විද්‍යුත් ලිපිනය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සම්බන්ධීකරණ නිලධාරියාගේ නම

ශංකජා උග්ගල්ල මිය (පාරිසරික විශේෂඥ) දුරකථන අංකය :077-3948262