# ව්‍යාපෘතියේ නම ව්‍යාපෘතිය හැඳින්වීම ව්‍යාපෘතිය ආරම්භක දිනය ව්‍යාපෘතිය අවසාන දිනය 2024 ඇස්තමේන්තුව ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්වය දක්වන ආයතනය ව්‍යාපෘති වෙබ් ලිපිනය ව්‍යාපෘති අධ්‍යක්ෂ සම්බන්ධීකරණ නිලධාරියාගේ නම
1 උඩප්පුව උතුර මීටර් 200.0 වෙරළාරක්‍ෂක රිවට්මන්ට් ව්‍යුහය (පැති බැම්ම) ඉදිකිරීම වෙරළ ආශ්‍රීත වෙරළ ගම්මානය, “ධීවර වාඩි”, ආගමික ස්ථානය සහ වෙරළබඩ මාර්ගය සහිත වෙරළෙහි මීටර් 250 දිගක් ආරක්ෂා කිරීම - (නිවාස 40 ක් පමණ, ධීවර වාඩි 15 ක්, කෝවිල 01 ක්) 1/1/2024 12/31/2024 32.0 මහා භාණ්ඩාගාරය      
2 ග්‍රොයින ශ්‍රේණිය ඉදි කිරීම- නින්දවූර් (අම්පාර) : II 2022/ 2023 වර්ෂයේ අගෝස්තු මස අම්පාර දිස්ත්‍රික්කයේ නින්දවූර් වෙරළ තීරයේ ඇති වූ හදිසි ඛාදනය වැළැක්වීම පිණිස ග්‍රොයින 07කි ඉදිකිරීම. 12/1/2023 12/31/2024 25.0 මහා භාණ්ඩාගාරය      
3 ග්‍රොයින ශ්‍රේණිය ඉදි කිරීම-සයින්දමරුදු සිට මාළිගායිකාඩු 2023 වර්ෂයේ  අම්පාර දිස්ත්‍රික්කයේ නින්දවූර් වෙරළ තීරයට උතුරින් සයින්දමර්දු වෙරළ තීරයේ ඇති වූ හදිසි ඛාදනය වැළැක්වීම පිණිස ග්‍රොයින 13ක් ඉදිකිරීම. 11/1/2023 12/31/2024 28.0 මහා භාණ්ඩාගාරය      
4 දිය කඩන ව්‍යුහය ඉදිකිරීම-මුතූර් (ත්‍රිකුණාමලය) මීටර් 100 දිග ගේබියන් බැම්ම ඉදි කිරීම වෙරළ ඛාදනය වැළැක්වීම පිණිස මීටර් 100 දිග ගේබියන් බැම්ම ඉදි කිරීම 1/1/2024 12/31/2024 10.0 මහා භාණ්ඩාගාරය      
5 රිවට්මන්ට් බැම්ම ඉදි කිරීම-මැඩිහ(මාතර) දැඩි ලෙස මුහුදු ඛාදනයට ලක්වූ මෙම ප්‍රදේශයේ සංචාරක නිකේතන රාශියක් පවතින අතර එම ඉඩම් සහ දේපළ වෙරළ ඛාදනයෙන් ආරක්‍ෂා කර ගැනීම පිණිස 2021 වර්ෂයේදී  මීටර් 120  කොටසක් ආවරණය කල අතර ඉතිරි මීටර් 35 අවසන් කල යුතුව ඇත. 1/1/2024 12/31/2024 7.0 මහා භාණ්ඩාගාරය      
6 රිවට්මන්ට් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම මුදු කටුව(පුත්තලම) දැනට ඉදිකර ඇති රිවට්මන්ට් බැම්මේ මීටර් 250ක කොටස ප්‍රතිසංස්කරණය කිරීම. 1/1/2024 12/31/2024 20.0 මහා භාණ්ඩාගාරය      
7 කහව වෙරළාරක්‍ෂක​ රිවට්මන්ට් ව්‍යුහය​ (පැති බැම්ම) ප්‍රතිසංස්කරණය කිරීම ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගය අසල කහව ප්‍රදේශයේ අප දෙපාර්තමේන්තුව මඟින් ඉදිකල වෙරළාරක්ෂක බැම්ම මීටර 180ක පමණ කොටසක් අර්ධ වශයෙන් හානි වී ඇති අතර කඩිනමින් ප්‍රතිසංස්කරණය කල යුතුව පවතී. මෙලෙස අර්ධ වශයෙන් හානි වූ ස්ථාන වලින් මුහුදු ජලය හා වැලි ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයට පැමිණීම සිදු වේ. හානි වී ඇති ස්ථාන වලින් වෙරළ ඛාදනය ව්‍යාප්ත වීම මගින් වෙරළාසන්න ඉඩම් ඛාදනය වීම ද සිදු වේ. 1/1/2024 12/31/2024 50.0 මහා භාණ්ඩාගාරය      
8 ඉරණවිල ග්‍රොයින ශ්‍රේණිය ප්‍රතිසංස්කරණය කිරීම (පුත්තලම) 90 දශකයේ ඉදිකරන ලද ග්‍රොයින ශ්‍රේණියේ ග්‍රොයින 07  ප්‍රතිසංස්කරණය කිරීම. 1/1/2024 12/31/2024 20.0 මහා භාණ්ඩාගාරය      
9 මිරිස්ස බණ්ඩාරමුල්ල රිවට්මන්ට් බැම්ම වැඩි දියුණු කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ මිරිස්ස, බණ්ඩරමුල්ල ප්‍රදේශයේ 2019 වර්ෂයේ දී ප්‍රතිසංස්කරණය කරන ලද රිවට්මන්ට් බැම්මේ මුහුණත ගමන් පථයක් ලෙසට මීටර් 100ක් සංවර්ධනය කිරීමට යෝජිතය. එමඟින් මුහුද අයිනෙන් සිරි නරඔමින්  ගමන් කිරීමට දෙස් විදෙස් සංචාරකයින්ට හැකියාව ලැබෙනු ඇත. 1/1/2024 12/31/2024 8.0 මහා භාණ්ඩාගාරය      
10 හදිසි වෙරළාරක්ෂක ඉදිකිරීම් නිරිතදිග මෝසම් සහ ඊසානදිග මෝසම් කාලයේදී මෙන්ම කුණාටු තත්ව හේතුකොටගෙන අතිවන හදිසි වෙරළ ඛාදනයෙන් මහා මාර්ග, දුම්රිය මාර්ග, වෙරළබඩ නිවාස, සංචාරක හෝටල්, ධීවර තොටුපළවල් සහ අනෙකුත් යටිතල පහසුකම් වලට  සිදුවන හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය හදිසි වෙරළ ඛාදන කටයුතු සිදු කල යුතුය. 1/1/2024 12/31/2024 50.0 මහා භාණ්ඩාගාරය      
11 වෙරළබඩ ඉංජිනේරුමය නිර්මාණ වෙරළ ආරක්ෂක ඉදිකිරීම් වලට අදාළ නිර්මාණ සහ සැලසුම් සිදු කරනු ලැබන අතර 2024 වර්ෂය සඳහා ව්‍යුහ 15 සඳහා සැළසුම් සකස් කිරීමට නියමිතය. 1/1/2024 12/31/2024 0.5 මහා භාණ්ඩාගාරය      
12 වෙරළබඩ ඉංජිනේරුමය පර්යේෂණ හා අධ්‍යනයන්  වෙරළ කලාපය සහ මුහුදෙහි වෙරළබඩ ක්‍රියාවලියට අදාළ අධ්‍යයනයන් වන වෙරළ ඛාදන ශීඝ්‍රතාවය මිනුම්ගත කිරීම සහ ලවණ ජලය ගංගා මෝය තුළින් ඇතුළට ගමන් කිරීම පිළිබද අධ්‍යයනයන් සිදු කරනු ලැබේ.එමෙන්ම ගුවන් ඡායාරූප මඟින් වෙරළ තීරය අධීක්ෂණය , වෙරළ තීරයේ වෙනස් වීම් (shoreline changes), aerial photography, Vulnerability index වෙරළ ඛාදන දත්ත වාර්තාව (Erosion Database) 1/1/2024 12/31/2024 6.0 මහා භාණ්ඩාගාරය      
13 වෙරළබඩ ජලතත්ව පරීක්ෂාව තෝරාගත් වෙරළ තීරයන්හි නාන ස්ථාන ආශ්‍රිතව ( Bathing Sites) ජල තත්ව පරීක්ෂාව  2009 වර්ෂයේ සිට අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන අතර එය අඛණ්ඩව සිදු කිරීමට අවශ්‍ය අතර මෙම ජල තත්ව පරීක්ෂාව මඟින් වෙරළ බඩ නාන ස්ථාන ආශ්‍රිතව ජලයේ තත්වය පරීක්ෂා කර බලා අදාළ නියාමනයන් සිදු කරනු ලබයි.මෙම දත්ත තිරසර සංවර්ධන අරමුණු වලට අදාළව දත්ත පද්ධතියටද ඇතුළත් කරනු ලබයි. කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල මුහුදු පිටවාන(Sea outfall) වල තොරතුරු ලබා ගැනීම ඒවායේ ජල තත්වය පිළිබඳව මුලික දත්ත රැස් කිරීම. 1/1/2024 12/31/2024 4.0 මහා භාණ්ඩාගාරය      
14 ජාතිකව නිර්නය කල දායකත්ව (NDC) අනුව මුහුදු මට්ටම ඉහළ යාම පුරෝකථනය කිරීම මුහුදු වට්ටම ඉහළ යාම පුරෝකතනය කිරීම සහ  ආවදානම් සිතියම් (Vulnerability Map) නිර්මාණය කිරීම. 1/1/2024 12/31/2024 5.0 මහා භාණ්ඩාගාරය      
15 වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් සිදු කිරීම ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරිම නිසා මුහුදු තීරයට සහ මුහුදු පත්ලට ඇතිවන හානිය වළක්වා ගැනිම සඳහා දිස්ත්‍රික්ක 14 ආවරණය වන පරිදි  වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් 20ක් සිදු කිරීමකිරිම 1/1/2024 12/31/2024          
16 වෙරළ කලාපයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඊ - බලපත්‍ර නිකුත් කිරීම           වෙරළ කලාපයේ සංවර්ධන කාර්යන් සඳහා විද්‍යුත් බලපත්‍ර නිකුත් කිරිම 1/1/2024 12/31/2024 4.0 මහා භාණ්ඩාගාරය      
17 අනවසර ඉදිකිරීම් සහ වැලි ඉවත් කිරීම් පාලනය වෙරළ කලාපයේ සංවර්ධන කටයුතු විධිමත් කිරිම සඳහා අනවසර ඉදිකිරිම් කඩා ඉවත් කර නියාමනය කිරිම. 1/1/2024 12/31/2024 1.0 මහා භාණ්ඩාගාරය      
18 පුත්තලම, අම්පාර සහ වෙඩිතලතිව්හි කඩොලාන නැවත සිටුවීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහය සහ අධීක්ෂණය ස්වභාවික හරිතතීර සංරක්ෂණය  සඳහා කඩෝලාන ප්‍රතිෂ්ඨාපනය කිරිම (වගාකිරිම ) පුත්තලම, අම්පාර සහ වෙඩිතලතිව්හි කඩොලාන නැවත සිටුවීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහය සහ අධීක්ෂණය 1/1/2024 12/31/2024   පළාත් පාලන ආයතන/ ස්වේච්ඡා සංවිධාන/ රාජ්‍ය නොවන සංවිධාන      
19 උල්ල වැල් වැටිය සංරක්ෂණ ප්‍රදේශයක් ලෙස ගැසට් කිරීම 2011 අංක 49 දරණ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනත (සංශෝධිත) ප්‍රකාරව වෙරළ කලාපය තුල ඕනෑම ප්‍රෙද්ශයක බලපෑමට ලක්වන ස්ථානයක් සංරක්ශිත ප්‍රෙද්ශයක් ලෙස ගැසට් කිරීමේ හැකියාව ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල්, ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි උල්ල වැලි කඳු ආක්‍රමණය සහ වැලි ගොඩදැමීම් වැනි නීති විරෝධී ක්‍රියා හේතුවෙන් මේ වන විට බලපෑමට ලක්ව ඇත. උල්ල වැලි කඳු බලපෑමට ලක් වූ ප්‍රදේශය ලෙස ප්‍රකාශයට පත් කිරීම මගින් නැගෙනහිර පළාතේ ආරුගම්බේ සංචාරක කලාපය තුළ සංචාරක ආකර්ෂණය ලබා ගත හැකි ස්ථානයක් ලෙස ප්‍රයෝජනයට ගැනීමට හැකි වේ. 1/1/2024 12/31/2024   වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ ක්‍රියාත්මක වේ      
20 අධ්‍යාපන් හා  දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙරළ සංරක්ෂණය පිළිබඳව ජනතාව දැනුවත් කිරිම  සඳහා  අධ්‍යාපනික සහ දැනුවත් කිරිමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරිම 1/1/2024 12/31/2024 1.0 මහා භාණ්ඩාගාරය      
21 වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ සැලැස්ම සංශෝධනය කිරීම (2024) වෙරළ සංරක‍ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව වෙරළ කලාප සැලැස්ම අවශ්‍ය කාල පරාස වලදී සංශෝධනය කළ යුතු බැවින් වෙරළ කලාපයේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරිම සංරක්ෂණය කිරිම   සහ ප්‍රතිෂ්ඨාපනය සඳහා උපාය මාර්ගික සැලැස්මක් වශයෙන් 2018 වෙරළ කලාප කළමනාකරණ  සැලැස්ම සංශෝධනය කිරිම මේ වන විට සිදු කරමින් පවතින අතර 2024 වර්ෂයේදී එය අවසන් කර ගැසට් කිරීමට නියමිතය 1/1/2024 12/31/2024 2.0 මහා භාණ්ඩාගාරය      
22 ස්ථිර තුරුලතා තීරය  ලකුණු කිරිම මෙම වැඩසටහනේ අරමුණ වන්නේ වෙරළබඩ ස්ථීර වෘක්ෂලතා රේඛා සීමාව GPS ඛණ්ඩාංක භාවිතයෙන් සලකුනු කොට කොන්ක්‍රීට් කණු යොදා සලකුනු කර බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදයේදී පසසිටු සීමාව මැනීම සඳහා එය භාවිතයට ගැනීමයි. මේ වන විට හම්බන්තොට, මාතර, ගාල්ල, අම්පාර සහ කොළඹ දිස්ත්‍රික්කවල ස්ථිර තුරුලතා තීරය ලකුණු කිරිමේ කටයුතු අවසන් කර ඇත. 1/1/2024 12/31/2024 2.0 මහා භාණ්ඩාගාරය      
23 නිලාවේලි පරවි දූපත, කල්පිටිය බාධක වැටිය සහ මඩකලපුව කායන්කර්නි වෙරළ තීරයන්හි කොරල් පර ප්‍රතිස්ථාපනය සඳහා අවශ්‍ය තාක්ෂණික සහය සහ අධීක්ෂණය මෙම ව්‍යාපෘතිය මඟින් නිලාවේලි පරවි දූපත, කල්පිටිය බාධක වැටිය සහ මඩකලපුව කායන්කර්නි වෙරළ තීරයන්හි කොරල්පර ප්‍රතිස්ථාපනයසඳහා අවශ්‍ය තාක්ෂණික සහය සහ අධීක්ෂණය කරනු ලබයි.       පළාත් පාලන ආයතන/ ස්වේච්ඡා සංවිධාන/ රාජ්‍ය නොවන සංවිධාන      
24 සංචාරක සංවර්ධන විභව ස්ථාන සංවර්ධනය සංචාරක සංවර්ධන ස්ථාන 26ක් සහ දූපත් 05ක් හඳුනාාගෙන සංවර්ධනය සඳහා  අදාළ අයතන සම්බන්ධීකරණය කරනු ලබන අතර ආයෝජකයන් සඳහා මෙම ස්ථාන ලබා දීමට කටයුතු කරනු ලැබේ. 1/1/2024 12/31/2024 0.5 මහා භාණ්ඩාගාරය      
25 වෙරළ දර්ශන තීර/ වෙරළ උද්‍යාන ඉදිකිරීම ගම්පහ දිස්ත්‍රික්කයේ  සහ ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළ තීරවල ඇති ප්‍රීතිපුර සහ අකුරල යන දර්ශනීය ස්ථාන දේශීය සහ විදේශීය සංචාරකයන් හට භාවිතා කිරීමට හැකිවන පරිදි රාජ්‍ය- පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ සංවර්ධනය කිරීම. 1/1/2024 12/31/2024   රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය සහ දේශීය ආයෝජන      
26 වෙරළ ප්‍රවේශ මාර්ග හඳුනා ගැනීම , සිතියම් ගත කිරිම හා සංවර්ධනය  වෙරළ සංරක‍ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව වෙරළ ප්‍රෙව්ශ මාර්ග හඳුනාගෙන සිතියම්ගත කොට වෙරළ ප්‍රවේශ මාර්ග සැලැස්මක් ගැසට් කිරීමට නියම කර ඇත.එමෙන්ම හඳුනාගෙන ඇති වෙරළ ප්‍රෙව්ශ මාර්ගවල සංවර්ධන කාර්යන් සිදු කිරීමටද අවශ්‍යව ඇත.(කොන්ක්‍රීට් කිරීම, ගල් ඇල්ලීම හෝ මායිම් සලකුණු කිරීම) 1/1/2024 12/31/2024 24.0 මහා භාණ්ඩාගාරය