Anuradhapura Integrated Urban Development Project (AFD Assisted)

Vacancies - (Part Time Basis)

 

Click Here >>

IMG 20240424 WA0089 විවෘත කිරීම ලබන සෙනසුරාදා...
 සම්පූර්ණ ව්‍යාපෘතියෙන් පවුල් 16,480කට සෙත...
උතුරු පළාතේ වකුගඩු රෝගය පාලනය කර එම ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල ගැටළුව විසඳීම සඳහා තවත් නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 24ක් ස්ථාපනය කෙරේ. ඒ අනුව එම ජල පිරිපහදු යන්ත්‍රාගාර 24 අප්‍රේල් මස 06 වැනිදා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
වව්නියා දිස්ත්‍රික්කයේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 6ක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්යේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 18 ක් මෙලෙස විවෘත කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.
උතුරු පළාතේ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කළ ගම්මානවල මෙම නැනෝ ජල පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකර ඇත. ඒ වව්නියාව දිස්ත්‍රික්කයේ වව්නියාව, වවුනියාව උතුර, වෙන්ගලච්ච්ඩිකුලම්, වව්නියාව දකුණු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පච්චිලෙයිපල්ලි, කරච්චි සහ කඳවලයි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලයි.
“සැමට සුරක්ෂිත පානීය ජලය” ලබාදීමේ රජයේ සංකල්පය යටතේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නැවත පදිංචි කිරීමේ අංශය, ප්‍රජා ජල දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
2021 වසරේදී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 50ක් ඉදිකිරීමට සැලසුම් කෙරිණ. ඒ අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 4ක්, කිලිනොච්චි හා වව්නියාව දිස්ත්‍රික්කවල නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 23 බැගින් ස්ථාපිත කළේය. මුළු ව්‍යාපෘති වටිනාකම රුපියල් මිලියන 211කි. මීට පෙර පසුගිය වසර අවසානයේදී එහි පළමු අදියර ලෙස නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 26ක් ජනතා අයිතියට පත් කළේය. මෙම සම්පූර්ණ ව්‍යාපෘතියෙන් පවුල් 16,480කට ප්‍රතිලාභී හිමිවේ.
මෙම නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර මගින් දිනකට ජලය ලීටර 2,000ක් පමණ පිරිසිදු කිරීමේ හැකියාව පවතින බවද නැවත පදිංචි කිරීමේ ඒකකය පවසයි.
නැනෝ තාක්ෂණය මගින් ජලය පිරිපහදු කිරීමේදී ජලයෙහි අඩංගු ඉහළ සංයුජතාවකින් යුත් ලවණ වර්ග හෝ ද්වි සංයුජමය මූලද්‍රව්‍ය ඉවත් කරයි. තවද නැනෝ පිරිපහදු මගින් විෂ ද්‍රව්‍ය, බැර ලෝහ සහ අනෙකුත් කාබනික සංයෝග බැහැර කර ජලයෙහි දුඟද හා රස ඉවත් කරයි

IMG 20240424 WA0079 ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 440ක්...
 වැවක්, ඇවිදින මංතීරු, යඩක පාලම්, ළමා උද්‍යාන, වෙළඳ කුටි, පරිසර පද්ධතිවලින් උද්‍යානය සමන්විතයි...
 ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයටත් විසඳුම්...


ගාල්ල, හෝලුවාගොඩ “සෙරින් රිවර් පාර්ක්” පාරිසරික උද්‍යානය හෙට (13) පස්වරු 5.00 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.
සෙරින් රිවර් පාර්ක් ගාල්ල නගරයට නුදුරු හෝලුවාගොඩ ඉදිකර තිබේ. 2021 වසරේදී ඉදිකිරීම් ඇරඹූ මෙම උද්‍යානය අක්කර 14ක විශාලත්වයකින් යුතු පුරන්වූ කෙත් යායකි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙහි සැලසුම් සකස්කර ඇති අතර ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින් උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු සිදුකර තිබේ.
ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 440කි.
වැවක්, ඇවිදින මංතීරු, යඩක පාලම්, ළමා උද්‍යාන, වෙළඳ කුටි, පරිසර පද්ධති ආදියෙන් හෝලු‍වාගොඩ සෙරින් රිවර් පාර්ක් උද්‍යානය සමන්විත වන අතර ඒ සඳහා විදුලිය ලබා ගන්නේ ‍සූර්යාලෝකයෙනි.
ප්‍රදේශයේ ජනතාවගේ කෘෂිකාර්මික භෝග හා අනෙකුත් නිෂ්පාදන ජනතාවට අළවිකිරීමේ වැඩපිළිවෙක්ද මේ හරහා ක්‍රියාත්මකය.
ඉදිරියේදී සංචාරක කර්මාන්තය මූලික කරගනිමින් මෙම උද්‍යානයේ සිට වක්වැල්ල,වටරැක හා ගාල්ල දක්වා බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.
එමෙන්ම දශක ගණනාවක සිට හෝලුවාගොඩ,ඕපාත ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගංවතුර තත්ත්වය පාලනය කිරීමටද මෙම උද්‍යානය මඟින් සිදුවේ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිතය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නිලධාරීන් ඉකුත් 17 වන බදාදා දින අලුත් අවුරුද්දේ සුබ මොහොතින් වැඩ ආරම්භ කරන ලදී. මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම්තුමා ප්‍රමුඛ සියලු මාණ්ඩලික නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් සහභාගී විය.

WhatsApp Image 2024 04 18 at 11.36.07 432b31e3 WhatsApp Image 2024 04 18 at 11.36.08 db1d4bdc WhatsApp Image 2024 04 18 at 11.36.03 6d50b97dWhatsApp Image 2024 04 18 at 11.36.03 aed17f33 WhatsApp Image 2024 04 18 at 11.36.06 34b73c29 WhatsApp Image 2024 04 18 at 11.36.09 ba81db77 WhatsApp Image 2024 04 18 at 11.36.09 6b71eb7b

2024 නව වර්ෂය සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ රජකාරී කටයුතු ඇරඹීම අද පෙරවරුවේදී සිදු විය. ඒ, සර් ව ආගමික වතාවත් වලට මුල් තැන දෙමිනි. රාජ්‍ය ප්‍රතිඥාව ලබා දීමෙන් අනතුරුව සියලු සේවකයින් රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය. මෙම අවස්ථාවට , රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, තේනුක විදානගමගේ යන  මහත්වරුන් එක් වූ අතර අමාත්‍යාංශ ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද මහතා, අමාත්‍යාංශ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සියලුම අමාත්‍යාංශ නිලධාරීන් සහභාගී විය.

WhatsApp Image 2024 01 01 at 14.50.16 17093cd2 WhatsApp Image 2024 01 01 at 14.50.18 c9f024bb WhatsApp Image 2024 01 01 at 14.50.23 7f1a72d1 WhatsApp Image 2024 01 01 at 14.50.23 8fd68e7c WhatsApp Image 2024 01 01 at 14.50.24 31e79734 WhatsApp Image 2024 01 01 at 14.50.17 4dd175a0

WhatsApp Image 2023 12 13 at 10.42.33 1

State Minister Arundika Fernando welcomes a delegation from Canada Sunny Energy Investment Group Co., Ltd. and Canada Solar Valley Green Hydrogen Group Co., Ltd.  to explore collaboration opportunities for establishing a groundbreaking Molten Salt Concentrated Thermal Solar Power Plant and Green Hydro Plant. The team comprised of industry experts in power generation, green hydrogen and Investments vistited the country on November 3rd at the invitation of State Minister Arundika Fernando to advance the development of a zero-carbon new energy system to combat the global climate challenges.

During a month long visit, delegation was greeted by Minister of Parliamentary Affairs Nimal Lanza, Minister of Power and Energy Kanchana Wijesekera, and Dr. Sulakshana Jayawardena, Seceretary to the President.

Agreements were reached to construct 100MW-200MW molten salt tower storage concentrated solar power plants, photovoltaic power stations, and a green hydrogen and methanol integrated base capable of producing 80,000 tons annually, across the northern, eastern, and southern regions of our country.

Estimated to generate 880 million Kilowatts hours of electricity annually, the project aims to harness solar energy using molten salt technology for uninterrupted power generation day and night. Additionally, it plans to produce 80,000 tons of hydrogen annually and integrate photovoltaic solar greenhouses for vertical farm for local vegetable supply.

With a significant impact on employment, the project foresees hiring up to 1500 individuals during construction and employing 1,200 to 1,500 upon operation, benefiting local communities and businesses.

The proposed Molten Salt Concentrated Thermal Solar Power Plant, designed as a zero-carbon emission solution, aligns with Sri Lanka's renewable energy objectives and is poised to contribute significantly to environmental sustainability. The objective is to propel Sri Lanka towards energy independence, progressing from green power to green hydrogen to green methanol.

Canada Solar Valley Green Hydrogen Group Co., Ltd is expected to invest approximately $1.25 billion USD in this project in stages.

WhatsApp Image 2023 11 28 at 13.21.33 3336b86c

  • නගරයේ පොදු පහසුකම් වැඩිදියුණු කිරීමටත් යෝජනා...
  • දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා ආකර්ශණීය නගරයක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය විනෝදාස්වාද පහසුකම්, සනීපාරක්ෂන පහසුකම් මෙන්ම සුපිරි වෙළඳසැල්...

                                                                                            - ඇමති ප්‍රසන්න රණතුංග -

ත්‍රිකුණාමලය නගරයේ පිහිටි පැරණි ලන්දේසි ගොඩනැඟිල්ල පිහිටි ඉඩම් කොටස සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමට අදාළ සඳහා අනුමැතිය ලබාගැනීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනටමත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කොටසක් වෙනුවෙන් මහනගර සංවර්ධන සැලැස්මක් පිළියෙල කර එය අංක 1534/8 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කොට ඇති බවයි. එම සැලැස්මෙන් ආවරණය වන ප්‍රදේශය වාණිජ හා සංචාරක කටයුතු පුළුල් කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට හඳුනාගෙන ඇති බවද අමාත්‍යවරයා පවසයි.

නැගෙනහිර පළාතේ අගනගරය ත්‍රිකුණාමලය නගරයයි. එම නගරයේ පිහිටි නිලාවේලී වෙරළ, කිරිගරුඬ වෙරළ, ස්වාභාවික වරාය, ෆෙඩ්රික් කොටුව සහ පුරා විද්‍යා ප්‍රදේශ ගණනාවක් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණීය ගමනාන්තයන්වේ.

ත්‍රිකුණාමල නගරය කරා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සංඛ්‍යාව දිනපතාම වැඩිවේ. එබැවින් නගරයේ පොදු පහසුකම් වැඩිදියුණු කිරීම අත්‍යාවශ්‍ය වේ. ඒ සඳහා ත්‍රිකුණාමලය ඇතුල් වරාය පාරේ පිහිටි දැනට කිසිඳු භාවිතයකට ගෙන නොමැති පැරණි ලන්දේසි ගොඩනැඟිල්ල යොදා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම්කර තිබෙන බවද අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන්වේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙන්නේ එම ගොඩනැඟිල්ලේ පෞරාණික බව ආරක්ෂකර ගනිමින් එම නවීකරණ කටයුතු සිදුකරන ලෙසයි.  

මීට අමතරව ත්‍රිකුණාමලය නගරයට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා ආකර්ශණීය නගරයක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය විනෝදාස්වාද පහසුකම්, නවීන ආපනශාලා, හෝටල්, නගර අලංකරණය හා සනීපාරක්ෂන පහසුකම් මෙන්ම සුපිරි වෙළඳසැල් ද මේ යටතේ වැඩි දියුණු කරන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන්වේ.

  • ඇමති ප්‍රසන්නගේ උපදෙස් මත උතුරු පළාතෙන් එය ඇරඹෙයි....
  • දිවයින පුරා පළාත් පාලන ආයතන වෙත එය හදුන්වා දීමටත් සැලසුම්...

මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) ගොඩනැගිලි අයදුම්පත්‍ර අනුමත කිරීමේ ක්‍රමවේදය පළාත් පාලන ආයතන වෙත හදුන්වා දීම උතුරු පළාතෙන් ඇරඹේ. 

පළමු අදියර යටතේ උතුරු පළාතේ පළාත් පාලන ආයතන 34 ක් සදහා මෙම ක්‍රමවේදය හදුන්වා දුන් අතර දිවයිනේ සෙසු පළාත් පාලන ආයතන සදහා කඩිනමින් එය හදුන්වා දීමට නියමිතය.

ලෝක නගර සැලසුම් දිනය නිමිත්තෙන් යාපනය, උතුරු පළාත් සභා ශ්‍රවණාගාරයේ ඊයේ (13) පැවති උත්සවයකදී මෙම ක්‍රමවේදය හදුන්වා දීම සිදු කෙරිණ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙය ක්‍රියාවට නැංවේ.

මෙම ක්‍රමවේදය මගින් ගොඩනැගිලි සංවර්ධන බලපත්‍ර සඳහා අවශ්‍ය සියලුම අනුමැතීන් කඩිනමින් ලබාගැනීමට හැකියාව ලැබේ.  පළාත් පාලන ආයතන වෙත මෙම (online)  තාක්ෂණය හඳුන්වාදීමේ මූලික අරමුණ වන්නේ ගොඩනැගිලි අයදුම්පත්‍ අනුමත කිරීමට ගතවන කාලය අවම කිරීම හා සරල කිරීම හරහා වැඩි සේවාවක් ලබා දීමයි.

වර්ග අඩි 9000 ට වැඩි ගොඩනැගිලි ඉදිකිරීම සදහා අනුමැතිය ලබා දෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය විසිනි. වර්ග අඩි 9000 ට අඩු නම් ඊට අනුමැතිය ලබා දීම අදාළ පළාත් පාලන ආයතනය විසින් සිදුකරයි.

මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) ගොඩනැගිලි අයදුම්පත්‍ර සඳහා අනුමැතිය ලබාදීම මේවන විට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදු කරයි. එය ආරම්භ කෙරුණේ 2017 වසරේදීය. 

විශේෂයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) ගොඩනැගිලි අයදුම්පත්‍ර සඳහා අනුමැතිය ලබාදීමෙන් ඉහළ බලධාරීන්ට එය අධීක්ෂණය කිරීමේ ප්‍රවේශය ලබා දීමට හැකිවේ. එමගින්  විනිවිදභාවය වැඩිකිරීම තුළ වංචා දූෂණ අවම කිරීමට හැකිවනු ඇති බවද නාගරික සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

ලෝක නගර සැලසුම් දිනයට සමගාමීව නාගරික සංවර්ධන අධිකාරියේ උතුරු පළාත් කාර්යාලය විසින් ඡායාරූප තරගාවලියක් සහ  සහ පාපැදි සවාරියක් සංවිධානය කොට තිබු අතර එහි ජයග්‍රාහයකයින්ට සහ සහභාගී වු පාසල් ළමයින්ට සහතික පත්‍ර ලබාදීමද මෙහිදී සිදු කෙරිණි.

උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්. චාල්ස් මහත්මිය Zoom තාක්ෂණය ඔස්සේ මේ සදහා සම්බන්ධ වු අතර උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් සමන් බන්දුලසේන, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, උතුරු පළාත් කාර්යාලයේ අධ්‍යක්ෂක ඩි.බි.එස්.කේ. දිසානායක, නියොජ්‍ය අධ්‍යක්ෂිකා කේ. ජීවගන් යන මහත්ම මහත්මීන් සහ රාජ්‍ය නිළධාරීන්, විශ්ව විද්‍යාල සිසුන්, පාසල් දූදරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

WhatsApp Image 2023 11 09 at 10.05.42 AM 1

  • දැනටමත් සංවර්ධන සැලසුම් පහක් ගැසට් කර අවසන්...
  • 2024 - 2026 දෙවසර තුළ සංවර්ධන සැලසුම් 66ක් ගැසට් කිරීමට තීරණය කරයි...

 ඇමති ප්‍රසන්න රණතුංග

මෙම වසර තුළ සංවර්ධන සැලසුම් 29 ක් ගැසට් කිරීමට නියමිත බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. ඊට අදාළ කටයුතු කඩිනමින් සිදු කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මහා මාතර සංවර්ධන සැලසුම, හික්කඩුව සංවර්ධන සැලසුම, අම්බලන්ගොඩ නගර සභා සංවර්ධන සැලසුම, සීතාවක ප්‍රාදේශීය සභා සංවර්ධන සැලසුම, සීතාවකපුර සංවර්ධන සැලසුම, පානදුර සංවර්ධන සැලසුම, හොරණ සංවර්ධන සැලසුම, වත්තල සංවර්ධන සැලසුම, ජා-ඇළ සංවර්ධන සැලසුම, ගම්පහ සංවර්ධන සැලසුම, කටාන සංවර්ධන සැලසුම, මහර සංවර්ධන සැලසුම, කැකිරාව සංවර්ධන සැලසුම, තලාව සංවර්ධන සැලසුම, මාවනැල්ල සංවර්ධන සැලසුම, කුණ්ඩසාලේ සංවර්ධන සැලසුම, නාවලපිටිය සංවර්ධන සැලසුම, ගම්පොළ සංවර්ධන සැලසුම, හැටන් සංවර්ධන සැලසුම, වැලිමඩ සංවර්ධන සැලසුම, බණ්ඩාරවෙල සංවර්ධන සැලසුම, වැල්ලවාය සංවර්ධන සැලසුම, වව්නියාව සංවර්ධන සැලසුම, මඩකලපුව සංවර්ධන සැලසුම, අම්පාර ප්‍රදේශීය සංවර්ධන සැලසුම ගැසට් කිරීමට නියමිතය.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ත්‍රීකුණාමලය සංවර්ධන සැලසුම, ඇල්ල සංවර්ධන සැලසුම, හම්බන්තොට සංවර්ධන සැලසුම හා හික්කඩුව සංවර්ධන සැලසුම ගැසට් කිරීමට නියමිත බවද නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. මේ අතරින් ඇල්ල සංවර්ධන සැලසුම මේ වනවිට ගැසට් කර තිබේ.  

නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම වසරේ ජනවාරි මස 01 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලය තුළ සංවර්ධන සැලසුම් පහක් ගැසට් කර තිබේ. ඒවානම් කුරුවිට ප්‍රාදේශීය සභා සංවර්ධන සැලසුම, රඹුක්කන ප්‍රාදේශීය සභා සංවර්ධන සැලසුම, පැල්මඩුල්ල/කහවත්ත සංවර්ධන සැලසුම, කුලියාපිටිය සංවර්ධන සැලසුම, කිළිනොච්චි (කරච්චි ප්‍රාදේශීය සභාව) සංවර්ධන සැලසුමයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ 2024 - 2026 දෙවසර තුළ සංවර්ධන සැලසුම් 66ක් ගැසට් කිරීමට සැලසුම් කර ඇති බවයි. ඒ අතරට මහනගර සභා 6ක්, නගර සභා 14ක්, ප්‍රාදේහීය සභා 46ක් ඇතුළත් බවද අමාත්‍යවරයා පවසයි.

දැනට ප්‍රකාශයට පත්කර ඇති ඇතැම් සංවර්ධන සැලසුම්වල ගැටළු සහගත තත්ත්වයන් පවතින බව කී අමාත්‍යවරයා එම ගැටළු කඩිනමින් විසඳාගැනීමෙන් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ප්‍රමාදයන් වළක්වාගත හැකි බවද පැවසීය.

විෂය භාර අමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන ඕනෑම ප්‍රදේශයක් සදහා සංවර්ධන සැලැස්මක් සකස් කර එය ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය බැඳී සිටී. ඒ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත මගිනි.

ඒ අනුව දැනට ප්‍රකාශිත නාගරික ප්‍රදේශ 276ක් සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇත. 

1999 වසරේ සිට 2023 සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලයතුළ පළාත් පාලන ආයතන 87ක් ආවරණය කරමින් පැරණි කල් ඉකුත් වූ සංවර්ධන සැලසුම් හා සංශෝධිත සැලසුම් 56ක් නැවත ප්‍රකාශයට පත්කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් පියවර ගෙන තිබේ.

WhatsApp Image 2023 11 09 at 10.02.26 AM

  • බොරැල්ල, ඕවල් වීව් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකකයන්හි මුල් අයිතිකරුවන්ගේ දරුවන් වෙත සින්නක්කරව සෘජුවම පැවරීම සඳහා අනුමැතිය ඉල්ලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්...

                                               -    ඇමති ප්‍රසන්න රණතුංග

මහල් නිවාසවල පදිංචිව සිටි මුල් අයිතිකරුවන්ගේ දරුවන් වෙත සින්නක්කරව අයිතිය පැවරීමට ඇති හැකියාව සොයා බලන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත මෙන්ම අමාත්‍යංශයේ මහජන දිනයේද ජනතාවගෙන් එවැනි ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවයි.

ඒ අනුව බොරැල්ල, ඕවල් වීව් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකකයන්හි මුල් අයිතිකරුවන්ගේ දරුවන් වෙත සින්නක්කරව සෘජුවම පැවරීම සඳහා අනුමැතිය ඉල්ලමින් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

බොරැල්ල, ඕවල් වීව් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය මධ්‍යම අදායම් නිවාස ව්‍යාපෘතියක් ලෙස රාජ්‍ය සේවකයන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද්දකි. එය නවීන අංගෝපාංග වලින් යුක්තව මහල් නිවාස 24න් සමන්විත වේ.

නිවාස ඒකක 608න් සහ වාණිජ ඒකක 5කින් මෙම නිවාස සංකීර්ණය සමන්විත වේ.

ඒ අනුව නිවසට අදාළව සම්පූර්ණ වටිනාකම හා දඩ මුදල් ගෙවා අවසන් කරන ලද ගැනුම්කරුවන් 247ක් වෙත මෙම නිවාස ව්‍යාපෘතියේ නිවාස සින්නක්කර පදනම මත බැහැර කිරීම සිදුකර ඇත.  

මුල් අයිතිකරු ජීවත්ව සිටියදී ඔහු හෝ ඇය විසින් මෙම නිවසට අදාළව බැංකු ණය මුදලක් ලබාගෙන නොමැති නම් අයිතිකරුගේ දරුවන් සඳහා අදාළ නිවසේ හිමිකම සෘජුවම පැවරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත බලය පවරන ලෙසට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන් වේ.